සෙලාන් බැංකුව පසුගිය දා National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසල්වල දී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව හිමි වේ.
මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස්, මේ ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනුවෙන් ගෙවීම් භාර ගන්නා ප්‍රථම සමාගම බවට පත්විය. ඉදිරියේ දී ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දේශීය බැංකු මගින් නිකුත් කරන ලද, LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම දෙකම සඳහන් කාඩ්පත් මගින් මෙන්ම ජාත්‍යන්තර JCB කාඩ්පත් මගින් සිදු කරන ගෙවීම් භාර ගැනීමට හැකිවන පරිදි සිය POS සහ mPOS ජාලය පුළුල් කිරීමට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.
(Dinamina)