Wednesday, October 30, 2024
Follow Us
කජු අස්වැන්න පහළ වැටෙයි

මෙවර කජු අස්වැන්න සියයට 40කින් පමණ පහළ වැටීම නිසා කජු වගාකරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මෙරට වාර්ෂික කජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් විසිපන්දහසක් වුවත් මෙවර වාර්ෂික අස්වැන්න මෙට්‍රික් ටොන් දොළොස් දහසකි.

මෙවැනි තත්ත්වයක් තිබියදී කජු අස්වනැන්න සියයට 40කින් පහළ වැටීමට බලපාන ලද හේතුව පිළිබඳ පුළුල් පර් යේෂණයක් සිදුකරන ලෙස උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කජු සංස්ථාවට දැනුම් දී ඇත.
කජු අස්වනු ලැබෙන්නේ වසරකට එක් වරක් පමණක් වන අතර මෙලෙස කජු අස්වැන්න මෙවර විශාල ලෙස පහත වැටීම සඳහා කාලගුණික තත්ත්වය බලපා තිබෙන බව කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක පැවසුවාය.

ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබීම, පසුගිය දිනවල පැවැති සුළි සුළඟත් සමග කජු මල් සුළඟට ගසාගෙන යෑම ආදී කාරණා කජු අස්වැන්න අඩුවීමට බලපා තිබෙන බව අනාවරණය වී ඇතැයි සභාපතිවරිය කීවාය.
කජු අස්වැන්නෙන් ගොවියන්ගේ අතමිට සරුවෙයි

සාමාන්‍යයෙන් වසර පහ හයකට වරක් අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම මත කජු අස්වැන්න අඩුවන බවද සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දේශීය කජු අවශ්‍යතාවය රට තුළ නිෂ්පාදනය නොවන බවත්, රට තුළ කජු අස්වැන්න ව්‍යාප්ත කිරීම සඳහා මේ වසරේදී කජු පැළ ලක්ෂ පහක් ජනතාවට බෙදාදීමට කටයුතු කරන බවත්, කජු සංස්ථාව සතු සියලු ඉඩම්වල නව කජු ප්‍රභේද වගා කිරීමට කටයුතු කරන බව ඇමැති ජානක වක්කුඹුර පැවසුවේය.

(Aruna)