උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ, අද (31) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ කොමසාරිස් ජනරාල්වරයා,
“දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සිදුවෙන අතරතුර අදියර කිහිපයකින් ඇගයීම් කටයුතු සිදුකරන්න පියවර ගෙන තිබෙනවා…
උසස් පෙළ විභායේ අවසන් ප්‍රතිඵල ලබාදීමට මාස 4ක විතර කාලයක් ගතවෙනවා. ඒක තවදුරටත් අඩුකරගන්න කටයුතු කරනවා…
අප්‍රේල් මාසය වනවිට ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා…”